Wednesday, December 2, 2015

ගබ්සාව ගැන හඩනගන්න කාලයයි

බ්ලොග් එක මදකලකට නතර කළේ මගෙ ලිපි සමහරුන්ට පිළිකුලක් වූ නිසයි. සුලෝචනා ලිපිය ගැන මගේ මිතුරියන්ද දොස් කීහ. එය ගබ්සාවකට හේතුවක් කරනොගත යුතු බව ඔවුන්ගෙ අදහසයි. මා කීවේ ගබ්සාවට එකම හේතුව ඇයගෙ කැමැත්ත විය යුතු  බවයි. මෙය මාතෲ මරන අඩුකිරීමටම ලඝු නොකළ යුතුය.

එහෙත් දිගු නිහැඩියාව බිදින්නට එඩිතරවන ගැහැනු සිටිති. එම ගැහැනුන් මෙන්ම පිරිමින්ගේද හඩ මෙහි දක්වමි.

https://web.facebook.com/prabani.perera/media_set?set=a.888386431199909.1073741863.100000856800053&type=3&__mref=message_bubble




























 ප්‍රධාන වශයෙන් මෙම උපුටා දැක්වීම් කළේ අප සිතූ තරම් නිහැඩියාවක් නැති බව කීමටයි. එහෙත් මෙම සටන සිංහලෙන් හා දෙමළෙන් විය යුතුය. එසේම සමාජ ජාලවලින් බිම් මට්ටමට පැමිනිය යුතුය. ඊලග ලිපියෙන් ඉතිරි ඒවාද පළකරමි.

Monday, November 30, 2015

අයර්ලන්තයෙන් සුබ ආරංචියක්




Image result for death india abortion ireland

අයර්ලන්තයේ මහාධිකරන  විනිසුරුවරයෙක්  ගබ්සා නීතිය මගින්කාන්තාවන හා ගැහැණු ලමුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව ප්‍රකාශ කර ඇත. දැන් දූෂන නිසා ඇතිවූ කලල හා බරපතල අසාමාන්‍යතා සහිත කලල ගබ්සා කරගැනීමට හැක.

එහෙත් ගබ්සා අයිතිවාසිකම් යනු මෙවැනි සීමාසහිත දෙයක් නොවේ. කාන්තාවකට සිය සිරුර පාලනය කර ගැනීමේ සම්පූර්න අයිතිය ලැබීමයි. වෙන කිසිවෙකු ඇයගේ සිරුර ගැන තීරන ගැනීම අවසන් කිරීමයි.

මෑතකදී ෆ්ලොරිඩාවේ සිදුවූ පරිදි අන්තවාදීන්ට ඇයගේ ප්‍රජනන අයිතීන් සමග ක්‍රීඩා කරන්නට ඉඩ නොදීමයි. 
ගබ්සා අයිතිය සමාජගත කිරීම එයට නීතිමය රැකවරනයක් ලැබීම තරම්ම වැදගත්ය.

අයර්ලන්තයේ ගබ්සා විවාදය ඇතිවුනේ සවිතා හල්පනවර් නම් ඉන්දියානු කාන්තාවකට ගබ්සාවක් කරගැනීමට ඉඩ නොදීම නිසා ඇය මරනයට පත්වීමයි. 



මෑතකදී ෆ්ලොරිඩාවේ සිදුවූ පරිදි අන්තවාදීන්ට ඇයගේ ප්‍රජනන අයිතීන් සමග ක්‍රීඩා කරන්නට ඉඩ නොදීමයි. 
ගබ්සා අයිතිය සමාජගත කිරීම එයට නීතිමය රැකවරනයක් ලැබීම තරම්ම වැදගත්ය.


අයර්ලන්තයේ ගබ්සා විවාදය ඇතිවුනේ සවිතා හල්පනවර් නම් ඉන්දියානු කාන්තාවකට ගබ්සාවක් කරගැනීමට ඉඩ නොදීම නිසා ඇය මරනයට පත්වීමයි. එයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂන  පැවති අතර ජාති ආගම් භේදයකින් තොරව දහස් ගනන් කාන්තාවන් එයට සහභාගිවූහ.



එහෙත් සියලුම ගබ්සා සටන් සුළු ඉල්ලීම් කිහිපයක් දිනාගෙන අවසන් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ පවා ගබ්සා අයිතිය පූර්න නිදහස් ලෙස ලැබී නැත. විවිධ ආගමික අන්තවාදී කන්ඩායම්වලින් නිරතුරුවම බාධා පැමිනේ. 
ගබ්සා වෛද්‍යවරු ඝාතනය කෙරෙති. ජෝජ් ටයිලර් නම් වෛද්‍යවරයා 2009 වසරේදී ඝාතනය කිරීම හොද උදාහරනයකි.


අයර්ලන්තයේ ඉන්දියානු කාන්තාවන් සම්බන්ධව අනුක්මපාව එබදු වුවද ඉන්දියානු භූමියේම සුරක්ෂිත ගබ්සා පහසුකම් නැතිව කාන්තාවන් දහස් ගනනක් මියයති.


අයර්ලන්තයේ ඉන්දියානු කාන්තාවන් සම්බන්ධව අනුක්මපාව එබදු වුවද ඉන්දියානු භූමියේම සුරක්ෂිත ගබ්සා පහසුකම් නැතිව කාන්තාවන් දහස් ගනනක් මියයති.

ඉන්දියානු ගබ්සා නීතියද සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.
ඒ බටහිර නොවන වෛද්‍යවරුන්ටද ගබ්සා කිරීමට ඉඩ දීම.
මුල් සති 20 තුල හදුනාගතනොහැකි කලල අසාමාන්‍යතා වලට ඕනෑම මොහොතක ගබ්සා කළ හැකිවීම 
සහ විශේෂ වර්ගීකරන යටතේ සති 20 සීමාව සති 24 තෙක් දීර්ඝ කිරීම යනාදියයි.

එය තරප්පුවේ එක් පඩියක් ඉහල නැගීමකි. ගැහැණිය ට සිය ශරීරය ගැන තීරන ගැනීමේ බලය ලැබෙන්නේ මෙසේ ඉතා සෙමෙනි.


Monday, May 11, 2015

සඳමාලිට දරුගැබක් ඇත. ඇයට ගබ්සාවක් කර ගැනීමට අවශ්‍යය. ඇයට පාර පෙන්වන්න ඔබට පුළුවන්ද



Asia Safe Abortion partnership (ආසියානු සුරක්ෂිත ගබ්සා හවුල )  විසින් යූ ටියුබ් වෙත මුදා හැර ඇති මේ වීඩියෝව නිරුදක කතරට වැටුන පොද වැස්සක් මෙනි. ඉතා වැදගත් කරුණු සරලව පැහැදිලිකර තිබෙන නිසා ඕනෑම කෙනෙකුට හොද අවබෝධයක් ලබා ගත හැක.

එහි සදහන් වන මෙම කරුන බලන්න.

"ඇත්ත වශයෙන්ම අපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ 59% ක් වන අතර ඉතිරි 49%  අනපේක්ෂිත ගැබ්ගනීම්ය."

"සියළු දේවල් සර්ව සම්පූර්ණව තිබෙන තත්වයකදීත් අනවශ්‍ය ගැබ් ගැනී සිදුවුවහොත් කාන්තාවකට ආරක්ෂිත ගබ්සාවක් තෝරාගැනීමට අයිතියක් තිබිය යුතුය."

ඉතාම තදින් අවධාරණය කළ යුතු කරුණ එයයි. එනම් ඇයගේ කැමැත්තයි

ආසියානු කාන්තාවගේ ඛේදවාචකය මෙසේ දිග හැරේ

"ආසියාවේ ගබ්සාවන් ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් සිටින කාන්තාවන් ප්‍රමාණය මිලියන 28 කි.'

"නමුත් ඉන් තුනෙන් එකකටවත් ආරක්ෂිතව නීත්‍යානුකූලව පහසු මිලට ගබ්සාවක් සිදුකරගැනීමට හැකියාවක් නැත.'

'ඒ සංඛ්‍යා ලේඛන නොව ඔබ හමුවන පුද්ගලයන්ය."


එක්තරා උදාහරණයක් ගෙන හැර දක්වයි.වීඩියෝවෙ A කියා තිබුනත් අපවඩා දේශීයකරනය කිරීමටත් හුරුපුරුදු ගතියක් එක් කිරීමටත් අපි දන්න අදුනන කෙනෙකුගෙ නමක් උදාහරනයට දාමු.  A= සඳමාලි

"සඳමාලි මෙනවිය ගැබ් ගෙන ඇත. ඇයට ගබ්සාවක් අවශ්‍යය.'

Add caption


 සඳමාලි  මෙනවිය හෝ  සඳමාලි    මහත්මිය දරුවන් සිටින මවක් විය හැකි අතර ඇයට තවත් දරුවන් අවශ්‍ය නොවනවා විය හැක. හෝ මවු පදවිය පමා කරගැනීමට අවශ්ය වනවා විය හැක.

( අපගේ කලින් පළකල සුලෝචනාට මෙන්. සුලෝචනාට ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හා රැකියාවේ සාර්ථකත්වය වෙනුවෙන් මවු පදවිය පමා කර ගැනීමට අවශ්ය විය.  ශිෂ්‍යත්වය ලැබුනේ දරුගැබ වැඩෙන විටය. )

සඳමාලි    මෙනවියට හෝ සඳමාලි     මහත්මියට ආරක්ෂිත ගබ්සාවක් කරගත හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතුකෙරේ.


එසේම එහි අතුරු ප්‍රශ්න ද සළකා බලයි. ඇයගේ ප්‍රජනක තෝරාගැනීමට ඇයගේ සැමියා සහාය නොදෙනවා විය හැක.
සහාය දෙන අවස්ථාවක වුවද පහසු මිලට ආරක්ෂිතව ගබ්සාවක් කරගැනීමේ දුෂ්කරතාව ඇතිවේ.


මෙහි මතුකරන තවත් ගැටළුවක් නම් දරුගැබේ මාස ගනනයි.

"දරුගැබට සති 12 කට වැඩිනම් එය ඇයගේ දෙවෙනි තෛමාසිකයයි.
දෙවැනි තෛමාසික ගබ්සා ආසියාවේ බොහෝ රටවල සිදුනොවේ. 
එය නීත්‍යානුකූල රටවල පවා අතිවිශාල ලෙස කොන් කිරීමකට හෙළාදකීමකට ලක්වන අතර සිදුකිරීම තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි."

( මෙම ගැටළුවේ ඉතාම අවාසනාවන්ත තත්වයකි.මෙසේ සති සීමා පනවා තිබීම නිසා ඇයට ඇයගේ ප්‍රජනක අයිතීන් භුක්ති විදීමට නොහැකි වේ.කිසියම් හේතුවක් නිසා දෙවෙනි ත්‍රෛමාසිකය තුල ඇයට ගබ්සාවක් කර ගැනීමට අවශ්ය වුවහොත් මෙම සීමා නිසා ඇය හොර ගබ්සා මධ්‍යස්ථානයක් වෙත ගොස් සිය සෞඛ්‍යයට විශාල හානියක් සිදුකර ගනී.

 ඇයගේ අවශ්‍යතාවය ඇයගේ ගබ්සාවට එකම හේතුවයි. එය කුමක්ද කියා අසමින් කේවෙල් කිරීට කිසිවෙකුට අයිතියක් නැත.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් විසින් ගබ්සාවක් ලබා ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරී මානව හිමිකම් උල්ලංඝනයක් වධ හිංසා පැමිනවීමක් හා කාන්තාවන්ට වෙනස් කොට සැළකීමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.






මෙම වීඩියෝවේ පුංචි අඩුපාඩුද දැකිය හැකිවිය.
ඇයගේ දරුගැබට මාස 12 ට වැඩිනම් එය ඇයගේ දෙවන ත්‍රෛමාසිකයයි. කියා තිබෙන තැන මාස වෙනුවට සති කියා නිවැරදි විය යුතුය -   මිනිත්තු 5.23 

සිංහල උප සිරැසි යොදා තිබීම අගය කරන අතර මෙහි සිටින කාන්තාවන් ගේ ඇදුම් සාරියෙන් හිස පොරවා ඇත. කාන්තාවන් අදින සාමාන්‍ය ඇදුමක් හෝ හිස නොවසූ සාරි ඔවුන් ඇද සිටියානම් සිංහල කතාකරන අයට ඒ වීඩියෝව වඩා හුරුපුරුදු ලෙස දැනෙනු ඇත.


.

පහත දැක්වෙන දෙවැනි වීඩියෝවෙන් අපේ රටේ ඛේදවාචකය මැනවින් පෙනේ. අපේ රටේ කාන්තාවන් ගබ්සාව වෙනුවෙන් සටන් නොකරන්නේ ඇයි. ආගමික බාධක ඇත්තේ ලංකාවේ පමනක් නොවේ.

 නමුත් ඉන්දියාව නේපාලය වැනි රටවල එලිමහන් වැඩසටහන් ප්‍රසිද්ධියේ දැනුවත් කිරීම් , උද්ඝෝෂන , ගබ්සා සේවා සපයීම් දක්නට ලැබේ. ඉන්දුනීසියාව ,බංග්ලාදේශය වැනි මුස්ලිම් රටවලද එසේමය. තායිලන්තයේ ද එසේමය.

ගබ්සාව අවශ්‍ය විශාකලාටයි දේවිලාටයි කුමාරිලාටයි ඈන් ලාටයි. ඒ නිසා ගබ්සාව යනු විශාකලාගේ දේවිලාගේ කුමාරිලාගේ ඈන්ලාගේ ගැටළුවකි.

දකුණු ආසියාවේ බෞද්ධ , කතෝලික ,හින්දු , ඉස්ලාම් යන සියළු ආගම්වලට අයත් කාන්තවන් ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙරට පැමිනීමට කාලය එළබ ඇත.මන්ද මෙය කාන්තාවගේ ප්‍රජනක අයිතිය හා සෞඛ්‍ය පිළිබද ගැටළුවක් වන බැවිනි


















Sunday, May 10, 2015

සුලෝචනා ගබ්සාවක් කර ගත්තාය



කාන්තාව බලගැන්වීම හැර වෙන කිසිම අරමුණක් මෙම බ්ලොග් එකට නැත. ප්‍රජනන අයිතීන් ගෙන් තොරව කාන්තාව බලගැන්වීම විහිළුවකි.නොබියවම ඒ ගැන කතා කළ යුත්තේ එබැවිනි. ප්‍රධාන වශයෙන්ම ගබ්සා අයිතීන් ගැන කතා කරන්නේ ඒ ගැන කතා කරනවා අඩු නිසාය. ගබ්සාව සම්බන්ධ අන්තර්ජාතික ක්‍රියාකාරකම් සිංහලට පරිවර්තනය කරමු.



මෙම කතාවේ ප්‍රධාන චරිතය වන සුලෝචනා සිය අයිතිවාසිකම් ගැන කිසිවෙකු ඉදිරියේ හඩා වැටෙන්නේ නැත. එසේම තම ශරීරය ගැන තීරන ගැනීම තමන්ගේ වැඩක් නිසා ගබ්සාවට ඊනියා හේතු දක්වන්නේද නැත. ඇයගේ එකම හේතුව ඇයගේ කැමැත්ත හා අවශ්‍යතාවයයි. මෙහි සදහන් සමහර දේවල් සමහර කෙනෙකුට ටිකක් බරපතල වැඩි වුවද අපට කීමට අවශ්‍ය දේ නොසඟවා පැහැදිලිව කීම ට මෙම චරිතය පරමාදර්ශී චරිතයක් ලෙස මේ ආකාරයෙන් නිර්මාණය කලෙමු.

කියවන්න කියවා අදහස් දක්වන්න


                  සුලෝචනා ගබ්සාවක් කර ගත්තාය

.

මගේ සිතිවිලි දැහැන බිදුනේ නැන්දම්මාගේ කරුණාබර හඩිනි

සේවය නිමවා නිවසට ආවත් කුස්සියට යාමට සිතක් නැත. ඊයේ සිදුවූ කලබගෑනිය නිවසේ බිත්ති අතර නින්නාද වෙයි. එහෙත් නිවැසියන් අතර නම් ඇත්තේ බෝම්බයක් පිපිරුන පසු ඇතිවන තැතිගැන්මක් වැනි දෙයකි.


නැන්දම්මා තේ එකක් හදාගෙන සිනාමුසු මුහුණින් මා ඉදිරියේය. මා ආයාසයෙන් සිනාසීමට උත්සාහ කළෙමි.මට ඇය ගැන ඇතිවුනේ දුකකි. ලේලිය වී මා මෙම නිවසට ආ දා සිට  ඇය මට සැළකුවේ ඇයගේම දියණියකට මෙනි. මට වෙලාවකට සිතුනේ මගේ මවටත් වඩා ඇය මට ආදරේ කියායි.ඇත්තෙන්ම විවාහ වූ දා සිට මේ නිවසේ සුවිශේෂම පුද්ගලයා වුනේ මාය. මාමන්ඩිද මට දැක්වූවේ ගරුත්වයක් වැනි දෙයකි. සැමියා චතුර නිතරම දෙමාපියන්ගේ බහට නැමෙන කෙනෙකි. එහෙත් මගේ වචනයටද පිටින් නොගියේය.ඔහුටද මා ගැන තිබුනේ රටක් රාජ්ජයක් ලැබුනා වැනි හැඟීමකි.

ඊයේ බෝම්බය පුපුරා යන තුරුම මේ තත්වය තිබිණි.


මට මේ මිනිසුන් ගැන දුකක් සිතුනේ මොවුන්ද මා මෙන්ම සිරකරුවන් පිරිසක් බැවිනි. ඔවුන්ට ඔවුන්ගේ ලෝකයෙන් මිදිය නොහැක. ඔවුන් මටද සිරකාරියක් වීමට ආරාධනය කරති. මා කළ යුත්තේ කුමක්ද

මෙයද ජීවිතය.


රැකියාව කැපවීමෙන් කරන නිසා ආයතනයට මා නැතිවම බැරි කෙනෙක් වූයේ නිරායාසයෙනි. මට හොද අනාගතයක් ඇති බව හැමෝම කීහ. නැති තැනවත් මගේ දොසක් නොකියන මටටමට ආවේ සියළුදෙනා සමග සුහදව කටයුතු කිරීමේ මගේ සහජ ගතිය නිසාය.

මා ඉතා සම්ප්‍රදායික කාන්තාවක් බව ඔවුන්ගේ මතය විය.මා අදින පළදින විදිය ඊට හේතුවන්නට ඇත. මෙම ආකල්පය නිසා පිරිමින්ද මට දැක්වූවේ ගරුත්වයක් වැනි හැඟීමකි.අනුන් ආකර්ශනය කරගැනීමේ හැකියාවක් මට තිබිනි. කොටින්ම කීවොත් මාවත් නොදන්න බලයක් මට විය. ආයතනයේ මෙම තත්වය මගේ වාසනාවක්දැයි මම නොදනිමි. එහෙත් අනුන් මා ගැන සිතන දෙයට ඔබ්බෙන් ජීවිතයක් මට තිබිණි.


නැන්දම්මා සහ පවුලේ අය මට දැක්වූ ආදරය දෙගුන තෙගුන වුනේ ඔවුන්ගේ මහා බලාපොරොත්තුව මා හරහා ඉටුවන බව දැනගත් මොහොතේය. මෙයින් එක කරුණක් නිරාකරනය විය. එනම් ඔවුන්ට මාව අවශ්‍ය කිසියම් කාර්යභාරයකට බවයි. ඉන් පසු මටද ඔවුන් ගැන තිබූ පහන් සිතිවිලි කෙමෙන් කෙමෙන් මැකීයන්නට විය.

මමද දරු උපතට සූදානම් වූයෙමි. නෑයෝද ආයතනයේ හිතවතුන්ද සතුටු වූ බව පෙනුනි. ඔවුන් නම් සතුටුවුනේ අවංකවමය.

මට ගෙදරින් ලැබෙන සැළකිලි වැඩිවුනත් මහ කරදරයක් විය. මම කිරි එළදෙනක් බවට පත්විය. පැටවා ලැබෙන තෙක් බලාසිටින කිරි ගොවියෙක් මෙන් ඔවුහු මටද සාත්තු සප්පායම් කරති.

මගේ විනෝදාංශය පුවත්පත්වලට කවි ලිවීමයි . මගේ කවි කියවූ යෙහෙළියෝ ඒවා ලස්සනයි කියා කීවත් ඔවුන්ට ඒවා නොතේරෙන බව දැන සිටියෙමි.විවාහ වූ පසු කාර්යබහුල නිසා කවි ලිවීම මගහැරුනි. කවිවලින් කියවුන අදහස් මා දරණ බව ඔවුන්නම් කීයටවත් සිතන්නේ නැත. සිරගත ගැහැනිය ගන ඔවුන්ට සිතන්නට කොයින්ද වෙලාවක්.ඔවුහුද සිරකරුවෝය.


පැරණි යහළු යෙහෙළියෝද දැන් නැත. ඉදහිට නිරංජලා නම් මාව බලන්නට එයි. ඇය මගේ සිත ගත්තේ ඇය අනුන්ට නොව තමන්ට ඕනෑ ලෙස ජීවත්වන බැවිනි. නිවසේ පූජ්‍ය භාන්ඩයක් වී ඇති මා ගැන ඇයට සතුටක් නොවීය. මා දරු උපතට සූදානම් වන විට ඇය මගේ මූණටම කීවේ  " උඹ පවුලෙ කොන්ත්‍රාත් එක හරියට කලා එහෙනම් " කියාය. 

මට ම කියා ජීවිතයක් නැත. ගෙඩියක් හැදෙන තුරු ගසක් දෙස බලාසිටින පරිද්දෙන් ඔවුහු මා දෙස බලා සිටිති. එසේ නැත්නම් පැටවා ලැබෙන තුරු ආදරයෙන්  සාත්තු කරන එළදෙනකි.ඔවුන්ට මගෙන් වැඩක් නැත. ඔවුන්ට අවශ්ය මුණුපුරෙකි. එච්චරමය. මගේ රැකියාව ගැනද ඔවුන්ට වැදගත්කමක් නොවීය. ගෙදර නවතින ලෙස ඔවුහු නොකියා කීවෝය. ඔවුන්ට ඇත්තටම අවශ්‍ය ලේලියක් නොව දරුවන් තනන යන්ත්‍රයකි. දරුවා ලැබීමෙන් පසුව ගෙදර නවතින ලෙස කෙළින්ම කියනු ඇත.



මා එළදෙනක් වී සිටීම ගැන නිරංජලා සතුටු නොවූවාය. මගේ නිදහස එන්න එන්නම සීමාවන බව මටද තේරුනි. දරුවා ලැබීමෙන් පසු ගෙදර නවතින මා එතැන් පටන් නියමම සිරකාරියකි, සාම්ප්‍රදායික ගැහැණියකි.


සිරිත් පරිදි වැඩට ගියෙමි. ගර්භනී වීම නිසා මට ලැබෙන සැළකිලිවලට ප්‍රිය නොකලෙමි.ආයතනයේ යෙහෙළියෝ විවිධ ආගමික වැඩසටහන් වලට මා කැදවා ගෙන ගියහ. මම ඒවාට ගියේ ඔවුන්ගේ සිත් සතුටු කිරීමය. මා කන්න කැමතිදේ සාදා ගෙනත් දීමට උනන්දුවෙන් කටයුතු කළහ.



මටත් නොදැනිම මා මේ පරිසරයේ ආගන්තුකයෙක් වීමි. මට සතුටකට තිබුනේ නිරංජලා වැනි අවංක මිතුරියන්ය. නිරංජලා මෙන් නිතර මාව බලන්නට නාවත් ෆෝන් එකෙන් ඔවුන් හා මගේ සම්බන්ධතා විය.

"අනේ සුලෝචනා ඔයාට නිවුස් එකක් තියනවා. "


"ඒක සතුටයි දුකයි එකපාරම ඇතිවෙන එකක්. හා කියන්න ඉස්සරවෙලා අඩන්නද හිනාවෙන්නද කියල "වාසනා ඇසුවේ සුරතලයෙනි.

මට ඇතිවුනේ කුහුලකි. දුකයි සතුටයි එකපාර .ඒ මොන නිව්ස් එකක්ද

"ඕන එකක් කමක් නෑ කියපන්" මා ඇසුවේ සැහැල්ලුවෙනි.

"මට උඹේ මූන බලාගෙන කියන්නත් දුකයි බන්."ඇය මා දෙස ටික වෙලාවක් බලා සිටියාය. වාසනාගේ හැටි එහෙමය. කෙළිලොල්ය මට ඇත්තටම ආදරේය. එහෙම කිව්වත් මට දැන් නම් මොකෙකුගෙවත් ආදරයක් විශ්වාස නැත. මේකිත් ආදරේ කරන්නෙ ගෙදර උන් වගෙ වෙන මොකකටවත්ද

"සුලෝචනා උබට ස්කෝලර්ශිප් එක ඇවිත් ."වාසනා කීවේ මහත් ලෝබකමින් වචන පිටකරන්නාක් සේය.


"ඉතින් ඕකෙ දුක මොකක්ද සතුටක්නෙ. මම කොයි තරම් කාලයක් බලාගෙනද සිටියෙ. "මා කීවේ සැහැල්ලුවෙනි.


"උඹට යන්න වෙන්නෙ නෑනෙ. "වාසනා ඇසුවාය.

"ඇයි යන්න වෙන්නෙ නැත්තෙ "මම ඇසුවේ.

"හනේ හනේ මේ ටිකට අමතක වුනාද අම්ම කෙනෙක් වෙන්න යන බව. "වාසනා ඇසුවේ බොරු නෝක්කාඩුකමක් මවා ගනිමිනි.


"මම ගබ්සාවක් කර ගන්නවා "
මා කීවේ ඉතා සැහැල්ලුවෙනි.

හෙන පුපුරන හඩින් බිරාන්ත වූ වාසනා ට මගේ වචන අදහා ගත නොහැකි විය. ටික වෙලාවකින්

"උඹ නම් මාර විහිළු කරන්නෙ. අනේ බන් ඔහොම හිතන එකත් පවු " යි කීවාය.

මම සිනාසුනෙමි.



මා හැරුන විට මෙම ශිෂ්‍යත්වය ලැබුන මලිත් ට හෝ අයේශ් ට හෝ මේ ප්‍රශ්න කිසිවක් නැත. ඇත්තටම මටද නැත.

ශිෂ්‍යත්වය ලැබීම නිසා මා සිටියේ සතුටිනි. ගෙදර ආ විගස  චතුරට කීවත් ඔහුට වගේ වගක් නැත. ඔහු කිසිවක්ම නොකීවේය. 

"ඇයි කන් ඇහෙන්නෙ නැද්ද"

"කන් නං ඇහෙනව. ඒත් ඉතින් මේ තත්වෙන් ඔයාට රට යන්න බෑනෙ " චතුරගේ සරල පිළිතුර එයයි.

"ඇයි බැරි මම යනවා " මා කීවේ හිතුවක්කාර ලෙසය.

චතුර හැරිලාවත් බැලුවේ නැත. පළමු වරට ඔහු ගැන ඇතිවුනේ කළ කිරීමකි.



ගබ්සාවක් කර ගැනීමට මා ස්ථිරවම තීරනය කලෙමි. නිරංජලාට ඒ බව කීවත් ඇය මගේ තීරණයට කිසිලෙසකින්වත් බලපෑමක් නොකලාය.යන්තමින් හෝ අනුබලයක් නොදීමට ප්‍රවේසම් වූවාය. මට ඇය ගැන ඇතිවුනේ පුදුමයකි. ජීවිතය මගේය මගේ ජීවිතය ගැන තීරණයද මගේම විය යුතුය.


කෑම මේසයේදීම බෝම්බය පිපිරවීමට බලාපොරොත්තු වුනෙමි.එහෙත් එම අදහස වෙනස් කරගත්තේ එය නුසුදුසු යැයි සිතාය.පසුව නිවී හනේ ආයාචනාත්මක ලීලාවෙන් මේ ගැන කියන්නට සිතුවෙමි. එහෙත් මගේ තීරනයනම් වෙනස් කරන්නට ඔවුන්ට බැරිය. 

එහෙත් නැන්දම්මාගේත් මාමන්ඩිගේත් චතුරගේත් කතාව එකම මාතෘකාවකි. ඒ අනාගත මුණුපුරාය.මගේ ඉවසීම දරාගෙන සිටි උපරිමයටම ලගාවිය. මේ අයගේ ලෝකය කුඩුපට්ටම්වීමට බෝම්බයෙන් දමා ගැසුවෙමි.


"මම ගබ්සාවක් කරගන්නයි ඉන්නෙ "

හෙන දහසක් පුපුරන හඩින් සියල්ලෝම බිරාන්තව ගියහ. ඉතිරි වචන ටිකද කියා කාමරයට වැදුනෙමි.

අපේ නිවසේ බෝම්බය පිපිරුනේ එලෙසයි. 

මට තුබූ ආදරය අතුරුදන්ව ගොසිනි. ආයාචනා විලාප බැන අඩගැසුම් කෙළවරක් නොවීය. මා වැඩට ගියෙමි. මා සිතුවේ ගෙදර කිසිවෙක් මා හා කතා නොකරාවි කියාය. එහෙත් නැන්දම්මා තේ එකක් හදා ගෙන ඇවිත් සිටී.


උකුළ මත මගේ හිස තබාගෙන පිරිමදින්නට වූවාය.


"අම්මා අම්මලගෙ කාලෙ වගෙ නොවෙයි දැන්. සමහර විට අම්මටත් ගබ්සාවක් කරගන්න ඕන වෙන්න ඇති. ඒත් ඒක කරගන්න තියා කෙළින්ම මෙහෙම කියාගන්නවත් අම්මට බැරිව ඉන්න ඇති."

නැන්දම්මා කිසිවක්ම නොකීවාය. ඇයට කියන්නට දෙයක් නැත.

මම කිසිත් සිදුනොවුනා සේ වැඩට ගියෙමි. ශිෂ්‍යත්වය භාරගන්නා බවත් දරුගැබ ගබ්සා කරගන්න බවත් නොපැකිළිවම කීවෙමි. 

දැන් උදාවී ඇත්තේ ගෙදර අය මෙන්ම රැකියා කරන තැන හිතවතුන්ද මට බණ කියන මොහොතය. මට හිනා යන්නටත් ආවේ ගෙදර අය කී දේම මේ අයද කී බැවිනි.එහෙත් වෙනසක්ද විය.

හුගක් බණ දන්න අය මා ප්‍රමාද වුනා වැඩි බවත් දැන් ගබ්සා කිරීමෙන් කලලයට වේදනාව දැනෙන බවත් කීහ.

මේ නාටකයෙන් හෙම්බත්වී සිටි මා පොල්ලෙන් ගහන්නාසේ උත්තර දීමට පුරුදුවී සිටියෙමි. එය මට විනෝදයක්ද විය.


'කලලයෙ වේදනාව උඹල දන්නෙ කොහොමද අනික බන් මට ඒකෙන් වැඩක් නෑ."

මෙසේ කියන විට මා දෙස බලන ඔවුන්ගේ මුහුණු බලන්න ලස්සනය. ඇත්තටම මට මොවුන් ගැන ඇත්තේ අනුකම්පාවකි. මොවුහු සම්ප්‍රදායේ සිරකරුවෝය. ඔවුන්ට අනුව ගබ්සාව දරුණු අපරාධයකි. ගබ්සා කරගන්නේ ගණිකාවෝය. මහා පාප කර්මයකි. අම්මා කෙනෙක් සිතන්නවත් හොද නැති මහා දරුණු ක්‍රියාවකි.

පිරිමි මිතුරන් සමග මා මේ ගැන වැඩි කතාවට නාවත් මා හමුවීමට ආ මිතුරියන් දෙතුන් දෙන්කුට පොඩි ලෙක්චර් එකක් දුනිමි.


'උඹල හිතන තරම් ලොකු දෙයක් මෙතන නෑ. දවසට තුන් හාරසීයක් ගබ්සා හොර රහසෙ සිද්ධවෙනව. ඒවගෙන් වැඩි ප්‍රමාණයක් කරගන්නෙ විවාහක කාන්තාවන්. මමත් බණ දන්නව. උඹලටත් පුදුම ආගමට ලැදි මම මෙහෙම කරන එකෙනෙ. හැබැයි ආගමටවත් ආගමික නායකයන්ටවත් ආන්ඩුවටවත් කොටින්ම මගෙ ගෙදර උන්ටවත් මගෙ ශරීරය ගැන තීරණ ගන්න බෑ. "


"මේ කිසිම ආන්දෝලනයක් නැතිව මේක හොර රහසෙ කරගන්න මට තිබුනා. ඒත් උඹල දැන් ගබ්සාව ගැන යමක් දන්නවා. ඒක උඹල අපි ගෑනුන්ගෙ අයිතියක්. ඒක උඹල දැනගෙන ඉන්න ඕන. මේ අයිතිය අපට නීත්‍යානුකූලව ලැබිල නෑ. ඒක ලබාගන්න ඕන. ඒක නිකම් දෙන්නෙ නෑ. ඒකට ලොකු ගමනක් යන්න ඕන . කා එක්කද අපි ඒ ගමන යන්නෙ. උඹල වගෙ සම්ප්‍රදායික අම්මකම තියන උන් එක්කද"

'මේ ඔක්කොම සමාජයෙන් අපට පටවපු දේවල්. අපි අනුන්ට ඕන විදියට ජීව්ත් වෙන්න ඕන නෑ. මම මේ ප්‍රශ්නෙදි හැසිරුන හැටි උඹල දැක්කනෙ."

මිතුරියෝ මා දෙස බලා ගත්වනම සිටියහ. එහෙත් ඇත්තෙන්ම මාව වරදින් මුදවන්න ආ අය නොවේ දැන් ඉන්නේ. සියල්ලෝම මට අවනත වී ඇත.


"ගබ්සා කරගැනීමේ අයිතිය ලබා ගන්නත් ඒ සදහා පහසුකම් ලබා ගන්නත් අපි සටන් කරන්න ඕන. පිටරටවල ගෑනුන්ට ඒ අයිතිය ලැබිල තියෙන්නෙ උන් ඒ වෙනුවෙන් බය නැතිව ප්‍රසිද්ධියෙ සටන් කළ නිසා.උඹල කතා කරන්නත් බයනෙ. ඔය අම්මකම ගැනනම් වචනයක් කතා කරන්න එපා. ඕක බොරුවක් . අපට අටවපු මර උගුලක්."


මා නිහඩ වුනේ මිතුරියන්ටත් යමක් සිතන්නටය. ඔවුන්ට කියන්න දෙයක් නැත.උන්ට තර්ක කරන්න බැරිය. මගේ බඩ මගේ නොවන බවද එකියක කීවාය. මම සිනාසුනෙමි. එය කිරි අයිති පැටියට කියා කියනවා මෙනි.



"ගබ්සා කළාට කමක් නෑ කළලයෙ මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් . දූෂනය වුන ළැමයෙකුටත් ගබ්සා කරන්න දුන්නට කමක් නෑ. ඒත් ඔයා වගෙ වාසනාවන්ත බඩක උපදින්න පින්කරපු ඒ පැටිය මරා දාන්නෙ මොන හිතකින්ද අනේ . " ඒ කම්මුලේ අත තබාගත් නිසංසලාය.

මොවුහු කපටින් නොවෙති. මේ ඔවුන්ට පැටවූ අදහස්ය. 


"කළලයෙ ප්‍රශ්නයක් වත් කළලය ඇතිවුනේ දූෂනයකින්ද කියන එකවත් නෙමේ මෙතන ප්‍රශ්නෙ. ඔය කියන හේතු උඩවත් නීත්‍යායානුකූල ගබ්සාවක් කරගන්න බැහැනෙ. මෙතන ප්‍රධානම හේතුව කළලය දරන ගෑනිගෙ කැමැත්ත. ඔක්කොටම ඉස්සරවෙලා තමන්ගෙ ශරීරය පාලනය කරන්න තමන්ගෙ ශරීරය ගැන තීරණ ගන්න ඒ ගෑනිට තියන අයිතියට සමාජය ගරුකරන්න ඕන. "

"මෙතන තියෙන්නෙ මගෙ කැමැත්ත. මගෙ ඉල්ලීම , මගෙ අවශ්යතාවය. ඇයි මාව විශ්වාස කරන්න බැරි. කොහෙවත් නැති කළලයක් ගැන වද වෙන්නෙ? ඇයි ගෑනුන්ව විශ්වාස කරන්න බැරි "මම ඇසුවෙමි.


ඔවුන්ට කියන්න දෙයක් නැත. 

පැයක් පමණ අප මේ ගැන කතා කලෙමු. මට බන කියනන් ආවත් දැන් මම උන්ට බන කියමි. කතාව අවසන් වුනේ උන් මගෙ කතාව අනුමත කරමිනි. උන් පිටව ගිය පසු ඇසුනේ පිරී කටහඩකි.

"මොකෝ බන් වුනේ " 

"ඒකි කියන දේවලත් ඇත්තක් තියනව බන් " ඒ නිසන්සලාගේ කටහඩය.


මට ඇතිවුනේ සතුටකි. ගබ්සාව තම අයිතියක් බවවත් දැන් ඔවුහු දනිති. වරද ඔවුන්ගේ නොවේ ඔවුන්ට කරුණු පැහැදිලිකර දෙන්නට කෙනෙක් නොසිටි එකය.

සිදුවූ වෙනස පුදුමාකාරය. මගේ ධෛර්යද වැඩුනි.

දිනය උදාවිය.

වැඩට යන්න පෙර මම අද යාළුවෙකුගෙ ගෙදර යනව දවස් දෙක තුනනක් එන්නෙ නෑ කියා කී විට චතුර ඇසුවේ ඇයි ඔයාට මේ තත්වෙන් එහෙමෙහෙ ඇවිදින්න හොදද කියාය.

ඔවුහු තවම බලාපොරොත්තු අත හැර නැත.

මා ආපසු නිවසට ආවේ ගබ්සාව කරගෙන කෙටි විවේකයක්ද ලබාගෙන සැහැල්ලු සිතිනි.


මා ගබ්සාව කරගත් බව ගෙදර අය දනිති. ඔවුන් සිතන දේවල්වලින් මට වැඩක් නැත. මම විදෙස් සංචාරයට සූදානම් වූයෙමි.

රොස් පරොස් අඩුනොවීය. චතුර මගෙ පැත්ත ගනිමින් ශිෂ්‍යත්වයේ වටිනාකමත් ඉන් පසු මට උසස් වීම් ලැබෙන හැටි ගැනත් නැන්දම්මාටත් මාමන්ඩිටත් කරුණු පැහැදිලි කළේය. මම ඒ කිසිම කතාවකට සම්බන්ධ නොවුනෙමි.


විදෙස් සංචාරය නිමවා ආපසු ආවෙමි. නැන්දම්මාත් මාමන්ඩිත් චතුරත් මට ආදරේය. ඉස්සර මෙන් මගෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ නිසා පවුලේ සතුට ඇත.ආදරය අවංක බැවිනි.


ගබ්සාවක් කර ගැනීමට නොහැකිව දුක් විදින කාන්තාවන් ගැන මම චතුරට කීවිට ඔහුද ඒ ගැන සංවේදී විය. ඔවුන්ට උදව් කිරීමට යමක් කළ යුතුයැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. මේ ගැන නිරංජලා ඇතුළු මගේ මිතුරියන් සමගද සාකච්ඡා කලෙමි. මගේ රැකියාවද සමාජ සේවා සම්බන්ධ එකක් නිසා වැඩේ පහසුය. චතුරද මේ සාකච්ඡාවලට සම්බන්ධ වුනේ උනන්දුවෙනි.


අප මේ සම්බන්ධව කිසියම් වැඩපිළිවෙළක නිරත වෙමු. බොහෝ සාකච්ඡා සිදුවන්නේ අපගේ නිවසේය. ලස්සනම දෙය නම් ගෙදරට එන අයට සළකන්නට නැන්දම්මාගේ ඇති උනන්දුවයි. ගබ්සාවක් කරගැනීම ගෑනියෙකුගෙ අයිතියක් බව මහළු නැන්දම්මාටද තේරුම් ගොස් ඇත. ඇයගේ අයිතිය මංකොල්ල කෑබවත් ඇයට අවබෝධ වී ඇත. අපට දිරි දෙන්නේ එනිසාය .ගෙදරින් පිට තත්වය වඩා යහපත්ය. අපේ කට්ටිය ගබ්සාව ගැන ප්‍රසිද්ධියේ කතාකරන නිසා අපේ හඩ ඉස්මතුවී ඇසේ. ගබ්සාවක් කරගැනීම ලැජ්ජාවක් හෝ නරක දෙයක් ලෙස සැලකූ අය මවිතයට පත් කරමින් ගබ්සාවක් කරගත් බව මා ප්‍රසිද්ධියේ කියන නිසා එහි ඇති අරුම පුදුම බවද අඩුවී ඇත.

ගබ්සාව අවශ්‍ය මවුවරුන්ට හා දියණියන්ටය. අම්මලා සහ නැන්දම්මලා දියණියන්ගේ හා ලේලිලාගේ ප්‍රගතිය දැක යටිසිතින් සිනාසෙති. සතුටු කදුළු හෙළුවත් අනුන් පෙනේ යැයි බියෙන් දෑස් පිස ගනිති. එහෙත් අපට ඒ ගැන බයක් නැත. අපේ අයිතිවාසිකම් ගැන කේවෙල් කිරීමක් නැති බැවිනි.

Saturday, May 9, 2015

ඔවුන් නේපාලයේ කරන්නේ කුමක්ද

මේ අඩවියේ අරමුණ ගබ්සා අයිතිවාසිකම් ගැන අන්තර්ජාතික ප්‍රමිතීන් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීමයි. එහිදී පරිවර්තනයන් ඉදිරිපත් කරමු. මේ තුලින් වෙනත් භාෂා ආගම් වලට අයත් කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් වනු ඇත.

සාරි අදින කාන්තාවන් සිංහල දෙමළ බසින් ගබ්සා අයිතිවාසිකම් ගැන කතා නොකරන තාක් කල් මෙම ව්‍යාපාරය අපට ආගන්තුක වේ. මෙම ක්ශේත්‍රයේ අන්තර්ජාතික ක්‍රියාකාරකම් පිලිබදව ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීම එහි අරමුණයි. 





නේපාලයේ ප්‍රජනන සෞඛ්‍ය හා ගබ්සා සේවා සැපයීමේ ප්‍රධානම වැඩසටහනක් ඔවුහු ක්‍රියාත්මක කරති. එය පරිපාලන  ප්‍රදේශ 14 න් 7 කම සාර්ථකව ක්‍රියාත්මක වේ.

Marie Stopes International workers talk about contraception with women in Nepal


ජංගම කන්ඩායම් හා සමාජ ප්‍රචාරණයන් තුලින් සායන 36 ක දී සේවා සපයනු ලැබේ.අප නේපාලයේ සුරක්ෂිත බ්සාවන් ගෙන් 75 % ක්ම ඉටුකරන අතර 2013 දී ඔවුන්ට අනාරක්ෂිත ගබ්සා 67,000 ක් පිටුදැකීමට හැකිවිය.

මාතෲ මරණ අනුපාතය 380 සිට134 දක්වා අඩුකරගැනීමේ සහ නවීන වන්ද්‍යාකරන ක්‍රම පවත්වාගෙන යාමේ  අනුපාතය 37.4 සිට 67 දක්වා වැඩිකිරීමේ නේපාල රජයේ ඉලක්කයට ඔවුහු දායක වෙමු.

ඔවුහු නේපාලයේ ප්‍රවේශය දුෂ්කර ප්‍රදේශවලට ජංගම සායන ලබා දෙන අතර දීර්ඝ කාලීන වන්ද්‍යාකරණ ක්‍රම හදුන්වාදෙන්නෙමු.රජයේ ජංගම සායනවලටද අපගේ සහය ලැබේ

ඔවුහු පෞද්ගලික සපයන්නන් වෙත  කෙටි කාලීන උපත් පාලන ක්‍රම බෙදා හරින අතර සමාජ අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමු. මෙම ප්‍රවේශය තුලින් සම්පත් කාර්යක්ෂම ලෙස දියුණු කර සේවා පහසුකම් වැඩිකිරීම සඳහා සංවිධානයට හැකියාව ලැබේ.


කත්මන්ඩු නගරයේ ඔවුන්ගේ පුහුණු මධ්‍යස්ථානය දීර්ඝ කාලීන වන්ද්‍යාකරන ක්‍රම ලබාදෙන සහ සවිස්තර ගබ්සා පහසුකම් ලබා දෙන ස්ථානයක් ලෙස රජය විසින් සහතික කර ඇත.





මෙවැනි වීදි වැඩසටහන් අපේ රටේ නැත්තේ ඇයි.


මේ සැප්තැම්බර් 28 දින පැවති වැඩසටහනකි.අපේ කාන්තාවන්ට එවැනි දේ තවම ආගන්තුකය.

එහි පළ කිරීමට , ගබ්සා අයිතිය ඉල්ලා සිංහලෙන් ලියවුන එකම බැනරයක්වත් අන්තර්ජාලයෙන් සොයාගත නොහැකිවූ බව පළ කරන්නේ පුදුමයෙනි.  සිය අදහස් පළකිරීමෙහිලා මෙරට කාන්තාව දක්වන බිය පුදුමාකාරය.