අයර්ලන්තයේ මහාධිකරන විනිසුරුවරයෙක් ගබ්සා නීතිය මගින්කාන්තාවන හා ගැහැණු ලමුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව ප්‍රකාශ කර ඇත. දැන් දූෂන නිසා ඇතිවූ කලල හා බරපතල අසාමාන්‍යතා සහිත කලල ගබ්සා කරගැනීමට හැක.
එහෙත් ගබ්සා අයිතිවාසිකම් යනු මෙවැනි සීමාසහිත දෙයක් නොවේ. කාන්තාවකට සිය සිරුර පාලනය කර ගැනීමේ සම්පූර්න අයිතිය ලැබීමයි. වෙන කිසිවෙකු ඇයගේ සිරුර ගැන තීරන ගැනීම අවසන් කිරීමයි.
මෑතකදී ෆ්ලොරිඩාවේ සිදුවූ පරිදි අන්තවාදීන්ට ඇයගේ ප්‍රජනන අයිතීන් සමග ක්‍රීඩා කරන්නට ඉඩ නොදීමයි.
ගබ්සා අයිතිය සමාජගත කිරීම එයට නීතිමය රැකවරනයක් ලැබීම තරම්ම වැදගත්ය.
අයර්ලන්තයේ ගබ්සා විවාදය ඇතිවුනේ සවිතා හල්පනවර් නම් ඉන්දියානු කාන්තාවකට ගබ්සාවක් කරගැනීමට ඉඩ නොදීම නිසා ඇය මරනයට පත්වීමයි.
මෑතකදී ෆ්ලොරිඩාවේ සිදුවූ පරිදි අන්තවාදීන්ට ඇයගේ ප්‍රජනන අයිතීන් සමග ක්‍රීඩා කරන්නට ඉඩ නොදීමයි.
ගබ්සා අයිතිය සමාජගත කිරීම එයට නීතිමය රැකවරනයක් ලැබීම තරම්ම වැදගත්ය.
![]() |
අයර්ලන්තයේ ගබ්සා විවාදය ඇතිවුනේ සවිතා හල්පනවර් නම් ඉන්දියානු කාන්තාවකට ගබ්සාවක් කරගැනීමට ඉඩ නොදීම නිසා ඇය මරනයට පත්වීමයි. එයට එරෙහිව ලොව පුරා උද්ඝෝෂන පැවති අතර ජාති ආගම් භේදයකින් තොරව දහස් ගනන් කාන්තාවන් එයට සහභාගිවූහ.
එහෙත් සියලුම ගබ්සා සටන් සුළු ඉල්ලීම් කිහිපයක් දිනාගෙන අවසන් වේ. ඇමරිකා එක්සත් ජනපදයේ පවා ගබ්සා අයිතිය පූර්න නිදහස් ලෙස ලැබී නැත. විවිධ ආගමික අන්තවාදී කන්ඩායම්වලින් නිරතුරුවම බාධා පැමිනේ.
ගබ්සා වෛද්‍යවරු ඝාතනය කෙරෙති. ජෝජ් ටයිලර් නම් වෛද්‍යවරයා 2009 වසරේදී ඝාතනය කිරීම හොද උදාහරනයකි.
අයර්ලන්තයේ ඉන්දියානු කාන්තාවන් සම්බන්ධව අනුක්මපාව එබදු වුවද ඉන්දියානු භූමියේම සුරක්ෂිත ගබ්සා පහසුකම් නැතිව කාන්තාවන් දහස් ගනනක් මියයති.
![]() |
අයර්ලන්තයේ ඉන්දියානු කාන්තාවන් සම්බන්ධව අනුක්මපාව එබදු වුවද ඉන්දියානු භූමියේම සුරක්ෂිත ගබ්සා පහසුකම් නැතිව කාන්තාවන් දහස් ගනනක් මියයති.
ඉන්දියානු ගබ්සා නීතියද සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.
ඒ බටහිර නොවන වෛද්‍යවරුන්ටද ගබ්සා කිරීමට ඉඩ දීම.
මුල් සති 20 තුල හදුනාගතනොහැකි කලල අසාමාන්‍යතා වලට ඕනෑම මොහොතක ගබ්සා කළ හැකිවීම
සහ විශේෂ වර්ගීකරන යටතේ සති 20 සීමාව සති 24 තෙක් දීර්ඝ කිරීම යනාදියයි.
එය තරප්පුවේ එක් පඩියක් ඉහල නැගීමකි. ගැහැණිය ට සිය ශරීරය ගැන තීරන ගැනීමේ බලය ලැබෙන්නේ මෙසේ ඉතා සෙමෙනි.
No comments:
Post a Comment
ඔබේ අදහස් කුමක් වුනත් එය මට ශක්තියකි. එහෙත් ලිපියට අදාල ව පමණක් කරුණු දක්වන්න.