Monday, May 11, 2015

සඳමාලිට දරුගැබක් ඇත. ඇයට ගබ්සාවක් කර ගැනීමට අවශ්‍යය. ඇයට පාර පෙන්වන්න ඔබට පුළුවන්ද



Asia Safe Abortion partnership (ආසියානු සුරක්ෂිත ගබ්සා හවුල )  විසින් යූ ටියුබ් වෙත මුදා හැර ඇති මේ වීඩියෝව නිරුදක කතරට වැටුන පොද වැස්සක් මෙනි. ඉතා වැදගත් කරුණු සරලව පැහැදිලිකර තිබෙන නිසා ඕනෑම කෙනෙකුට හොද අවබෝධයක් ලබා ගත හැක.

එහි සදහන් වන මෙම කරුන බලන්න.

"ඇත්ත වශයෙන්ම අපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ 59% ක් වන අතර ඉතිරි 49%  අනපේක්ෂිත ගැබ්ගනීම්ය."

"සියළු දේවල් සර්ව සම්පූර්ණව තිබෙන තත්වයකදීත් අනවශ්‍ය ගැබ් ගැනී සිදුවුවහොත් කාන්තාවකට ආරක්ෂිත ගබ්සාවක් තෝරාගැනීමට අයිතියක් තිබිය යුතුය."

ඉතාම තදින් අවධාරණය කළ යුතු කරුණ එයයි. එනම් ඇයගේ කැමැත්තයි

ආසියානු කාන්තාවගේ ඛේදවාචකය මෙසේ දිග හැරේ

"ආසියාවේ ගබ්සාවන් ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් සිටින කාන්තාවන් ප්‍රමාණය මිලියන 28 කි.'

"නමුත් ඉන් තුනෙන් එකකටවත් ආරක්ෂිතව නීත්‍යානුකූලව පහසු මිලට ගබ්සාවක් සිදුකරගැනීමට හැකියාවක් නැත.'

'ඒ සංඛ්‍යා ලේඛන නොව ඔබ හමුවන පුද්ගලයන්ය."


එක්තරා උදාහරණයක් ගෙන හැර දක්වයි.වීඩියෝවෙ A කියා තිබුනත් අපවඩා දේශීයකරනය කිරීමටත් හුරුපුරුදු ගතියක් එක් කිරීමටත් අපි දන්න අදුනන කෙනෙකුගෙ නමක් උදාහරනයට දාමු.  A= සඳමාලි

"සඳමාලි මෙනවිය ගැබ් ගෙන ඇත. ඇයට ගබ්සාවක් අවශ්‍යය.'

Add caption


 සඳමාලි  මෙනවිය හෝ  සඳමාලි    මහත්මිය දරුවන් සිටින මවක් විය හැකි අතර ඇයට තවත් දරුවන් අවශ්‍ය නොවනවා විය හැක. හෝ මවු පදවිය පමා කරගැනීමට අවශ්ය වනවා විය හැක.

( අපගේ කලින් පළකල සුලෝචනාට මෙන්. සුලෝචනාට ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හා රැකියාවේ සාර්ථකත්වය වෙනුවෙන් මවු පදවිය පමා කර ගැනීමට අවශ්ය විය.  ශිෂ්‍යත්වය ලැබුනේ දරුගැබ වැඩෙන විටය. )

සඳමාලි    මෙනවියට හෝ සඳමාලි     මහත්මියට ආරක්ෂිත ගබ්සාවක් කරගත හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතුකෙරේ.


එසේම එහි අතුරු ප්‍රශ්න ද සළකා බලයි. ඇයගේ ප්‍රජනක තෝරාගැනීමට ඇයගේ සැමියා සහාය නොදෙනවා විය හැක.
සහාය දෙන අවස්ථාවක වුවද පහසු මිලට ආරක්ෂිතව ගබ්සාවක් කරගැනීමේ දුෂ්කරතාව ඇතිවේ.


මෙහි මතුකරන තවත් ගැටළුවක් නම් දරුගැබේ මාස ගනනයි.

"දරුගැබට සති 12 කට වැඩිනම් එය ඇයගේ දෙවෙනි තෛමාසිකයයි.
දෙවැනි තෛමාසික ගබ්සා ආසියාවේ බොහෝ රටවල සිදුනොවේ. 
එය නීත්‍යානුකූල රටවල පවා අතිවිශාල ලෙස කොන් කිරීමකට හෙළාදකීමකට ලක්වන අතර සිදුකිරීම තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි."

( මෙම ගැටළුවේ ඉතාම අවාසනාවන්ත තත්වයකි.මෙසේ සති සීමා පනවා තිබීම නිසා ඇයට ඇයගේ ප්‍රජනක අයිතීන් භුක්ති විදීමට නොහැකි වේ.කිසියම් හේතුවක් නිසා දෙවෙනි ත්‍රෛමාසිකය තුල ඇයට ගබ්සාවක් කර ගැනීමට අවශ්ය වුවහොත් මෙම සීමා නිසා ඇය හොර ගබ්සා මධ්‍යස්ථානයක් වෙත ගොස් සිය සෞඛ්‍යයට විශාල හානියක් සිදුකර ගනී.

 ඇයගේ අවශ්‍යතාවය ඇයගේ ගබ්සාවට එකම හේතුවයි. එය කුමක්ද කියා අසමින් කේවෙල් කිරීට කිසිවෙකුට අයිතියක් නැත.

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් විසින් ගබ්සාවක් ලබා ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරී මානව හිමිකම් උල්ලංඝනයක් වධ හිංසා පැමිනවීමක් හා කාන්තාවන්ට වෙනස් කොට සැළකීමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.






මෙම වීඩියෝවේ පුංචි අඩුපාඩුද දැකිය හැකිවිය.
ඇයගේ දරුගැබට මාස 12 ට වැඩිනම් එය ඇයගේ දෙවන ත්‍රෛමාසිකයයි. කියා තිබෙන තැන මාස වෙනුවට සති කියා නිවැරදි විය යුතුය -   මිනිත්තු 5.23 

සිංහල උප සිරැසි යොදා තිබීම අගය කරන අතර මෙහි සිටින කාන්තාවන් ගේ ඇදුම් සාරියෙන් හිස පොරවා ඇත. කාන්තාවන් අදින සාමාන්‍ය ඇදුමක් හෝ හිස නොවසූ සාරි ඔවුන් ඇද සිටියානම් සිංහල කතාකරන අයට ඒ වීඩියෝව වඩා හුරුපුරුදු ලෙස දැනෙනු ඇත.


.

පහත දැක්වෙන දෙවැනි වීඩියෝවෙන් අපේ රටේ ඛේදවාචකය මැනවින් පෙනේ. අපේ රටේ කාන්තාවන් ගබ්සාව වෙනුවෙන් සටන් නොකරන්නේ ඇයි. ආගමික බාධක ඇත්තේ ලංකාවේ පමනක් නොවේ.

 නමුත් ඉන්දියාව නේපාලය වැනි රටවල එලිමහන් වැඩසටහන් ප්‍රසිද්ධියේ දැනුවත් කිරීම් , උද්ඝෝෂන , ගබ්සා සේවා සපයීම් දක්නට ලැබේ. ඉන්දුනීසියාව ,බංග්ලාදේශය වැනි මුස්ලිම් රටවලද එසේමය. තායිලන්තයේ ද එසේමය.

ගබ්සාව අවශ්‍ය විශාකලාටයි දේවිලාටයි කුමාරිලාටයි ඈන් ලාටයි. ඒ නිසා ගබ්සාව යනු විශාකලාගේ දේවිලාගේ කුමාරිලාගේ ඈන්ලාගේ ගැටළුවකි.

දකුණු ආසියාවේ බෞද්ධ , කතෝලික ,හින්දු , ඉස්ලාම් යන සියළු ආගම්වලට අයත් කාන්තවන් ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙරට පැමිනීමට කාලය එළබ ඇත.මන්ද මෙය කාන්තාවගේ ප්‍රජනක අයිතිය හා සෞඛ්‍ය පිළිබද ගැටළුවක් වන බැවිනි


















8 comments:

  1. මගුල තමයි! අනපේක්ෂිත ගැබ්ගැනීම් සිද්දවෙන්නෙ නිකන් යැ. මෛතුන්‍යෙය් යෙදෙන නිසානෙ

    ReplyDelete
  2. ඉපදෙන්නට සිටින දරුවන් ඝාතනය කිරීමට ඉඩ දෙන්න පුලුවන්ද? ඇයි ඒක මානව හිමිකම් උල්ලංඝනයක් වධ හිංසා පැමිනවීමක් නෙමෙයිද?

    ReplyDelete
  3. මම සාමාන්යෙන් ගබ්සා වට විරුද්ධයි. කොහොම හරි ළමය හදන්න ඕනේ කියන මතයේ මම ඉන්නේ. නමුත් දුෂණය (rape) එකකින් එන ළමයෙක් ගබ්සා කිරීමේ අයිතිය වගේම, කාන්තාවට තමන්ට දරු ගැබ දැරීමට අපහසු නම් ගබ්සා කිරීමේ අයිතිය තිබිය යුතුයි කියල හිතනවා. රජයෙන් දරුවන් රැගෙන හදා ගැනීමේ වැඩ පිළිවෙලක් තිබෙනවානම් හොඳයි.
    http://nelumyaya.com/?p=2380

    ReplyDelete
  4. ඇත්තටම අනවශ්‍ය ගැබ් ගැනීම් කියන කාරනේ නෙවෙයි කාන්තාවට තමන් ගැබ් ගන්නවාද නැත්ද කියන එක මුළුමනින් තීරනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇගේ සිරුර ඇගේ අයිතිය ඒකයි වෙන්න ඕනේ. මමනම් කියන්නේ ගැබ් ගැනීම් උනාට පස්සේ ගබ්සා කරනවටත් වඩා කාන්තාව පුරුෂයා සමග ලිංගික කටයුතු වල නියැලීම කියන කාරනේ අත්‍යවශ්‍ය හා නිත්‍ය දෙයක් කියන සම්ප්‍රදායික මතයත් බැහැර කළ යුතුයි. නූතන කාන්තාවටනම් මේ වගේ ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි.

    ReplyDelete

ඔබේ අදහස් කුමක් වුනත් එය මට ශක්තියකි. එහෙත් ලිපියට අදාල ව පමණක් කරුණු දක්වන්න.